බන්ධනාගාර පද්ධතියවත් හරියට පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කොහොමද මේ රට පාලනය කරන්නේ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. බොරැල්ල මාලිගාකන්දේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු කිව්වේ, විශේෂඥ කණ්ඩායමක් එක්ක රට හදනවා කියලා බලයට ආපු මේ ආණ්ඩුව අද හැම අංශයකින්ම අසාර්ථක වෙලා තියෙනවා කියලයි. විදේශ ණය ගෙවීමේදී සිද්ධ වුණ සයිබර් ප්‍රහාරය ගැනත් සිහිපත් කරපු විපක්ෂ නායකවරයා, මහජන මුදල් ආරක්ෂා කරගන්නවත් මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා කියලා චෝදනා කළා.
පාර්ලිමේන්තුවේදී අධිකරණ සහ බන්ධනාගාර ඇමතිවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව පරාජය කරපු දවස් කිහිපයකට පස්සෙම මහර බන්ධනාගාරයේ කලබල ඇති වුණා. ඒ වගේම ආණ්ඩුව ඒ ඇමතිවරයාව ආරක්ෂා කරත්, අදටත් ඒ බන්ධනාගාරයේම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරි පාලකයෝ රටක් ගොඩනඟන්නේ කොහොමද කියලා ඔහු ප්‍රශ්න කරනවා. රට වැරදි දිශාවකට යනවා මිසක් ප්‍රශ්න විසඳෙන පාටක් පේන්න නැහැ.
මේ වෙද්දී රටේ ජනගහනයෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් දරිද්‍රතාවයට පත්වෙලා ඉන්නවා කියලත් ඔහු පෙන්වා දෙනවා. නාගරික, ග්‍රාමීය සහ වතුකරයේ ජනතාව අද ඉතාම අමාරු ආර්ථික තත්ත්වයක ඉන්නේ. මේ වගේ තත්ත්වයක් යටතේ රටේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැති බවත්, ජනතාව අන්ත අසරණ වෙලා ඉන්න බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback