රටේ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ආකාරයේ දැඩි දඬුවම් ක්‍රමයක් ලංකාව තුළත් වහාම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කිසිදු වෙනස්කමකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. විශේෂයෙන්ම පාසල් දරුවන් සහ තරුණ පරපුර මේ වන විට මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් පවතින නිසා, ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළත් ඔවුන් එතැන සිට ජාවාරම් මෙහෙයවන තත්ත්වයක් පවතින බවත්, එය වහාම නතර කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.
තමන් මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට විරුද්ධ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය විපක්ෂ නායකවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. සමගි ජන බලවේගය මත්ද්‍රව්‍යවලට එරෙහිව ස්ථාවර ප්රතිපත්තියක සිටින බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තම පක්ෂය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම ජනතාවගේ බලාපොරොත්තුවක් බවත්, එය ඉටු කිරීම සඳහා රජය නිසි පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. ඕනෑම ආකාරයක අපරාධයක් වැරදි බවත්, එයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.

Discussion & Feedback