එල් නිනෝ සහ ලා නිනා වැනි දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම්වලට මුහුණ දීම සඳහා ආණ්ඩුව, විපක්ෂය සහ සමස්ත මහජනතාව එකම අරමුණකින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ශ්‍රී ලංකා දේශගුණික පාර්ලිමේන්තු කමිටුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වන විට එල් නිනෝ බලපෑම සියයට සියයක්ම රටට දැනෙමින් පවතින බවයි. පරිසරය, වනජීවීන් සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවට සමාන ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතු බවත්, ඒ සඳහා කිසිදු දේශපාලන භේදයකින් තොරව විනිවිදභාවයෙන් යුත් ජාතික සංවාදයක් ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඡන්ද අයිතියක් නොමැති වුවත් අනාගත පරපුර වෙනුවෙන් වනජීවීන් සහ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම අප සතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා. දැනට අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ආපදාවක් සිදුවූ පසු ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් වුවත්, එය වෙනුවට ආපදාවකට පෙර සූදානම් වීමේ සහ පූර්ව අනතුරු ඇඟවීම්වලට අනුව කඩිනමින් ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා. විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය, බලශක්තිය සහ වන සම්පත කෙරෙහි මෙම දේශගුණික බලපෑම් ඇති කරන බලපෑම පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කර, ආපදා කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ කාලය එළඹ ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Discussion & Feedback