ලොව පුරා රසිකයන් අතර ජනප්රිය ‘ස්ට්රේන්ජර් තින්ග්ස්’ නිළි සැඩි සිං, ස්පයිඩර්-මෑන්ගේ හතරවන චිත්රපටය වන ‘ස්පයිඩර්-මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ හරහා මාර්වල් සිනමා විශ්වයට එක්වෙලා ඉන්නවා. ඇය මෙහි රඟපාන්නේ ප්රබල මානසික බලයන් සහිත ජීන් ග්රේ කියන චරිතයයි. චිත්රපටයේ වැඩි හරියක් ඇය පීටර් පාකර්ට එරෙහිව ක්රියා කරන දුෂ්ට චරිතයක් විදිහට පෙනී සිටියත්, ඇත්තටම ඇය සොයන්නේ අතුරුදහන් වුණු ඇගේ සහෝදරිය වන සාරාවයි. සාරාගේ මරණයට වගකිව යුතු ‘ඩැමේජ් කන්ට්රෝල්’ ආයතනයෙන් පළිගන්නා අතරතුර, ඇය පීටර් පාකර්ගේ මනසට පවා බලපෑම් කරන අයුරු චිත්රපටය පුරාම දකින්න ලැබෙනවා.
මීට පෙර ෆැම්කේ ජැන්සන් සහ සෝෆි ටර්නර් වැනි ප්රවීණ නිළියන් විසින් නිරූපණය කළ මෙම ජීන් ග්රේ චරිතය, මෙවර සැඩි සිං හරහා වඩාත් තීව්ර ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඇයට අඩි 33ක් ඇතුළත ඕනෑම අයෙකුගේ මනස පාලනය කිරීමේ හැකියාව තිබෙන අතර, ඇය මාර්වල් කොමික් පොත්වල සිටින බලවත්ම මියුටන්ට් කෙනෙක් බවත් මෙහිදී තහවුරු වෙනවා. චිත්රපටයේ අවසානයේදී ඇය මෑන්හැටන් නගරයේ ජනතාවම තත්පරයකින් ශීත කිරීමට තරම් බලවත් බව පෙන්වා දෙනවා. මෙම චරිතය හඳුන්වා දීමත් සමඟම මාර්වල් ආයතනය ඉදිරියේදී ‘එක්ස්-මෑන්’ (X-Men) කතා මාලාව තවදුරටත් පුළුල් කිරීමට සූදානම් වන බව පැහැදිලියි. මේ නිසා ඉදිරි මාර්වල් නිර්මාණවලදී ජීන් ග්රේගේ චරිතය තවත් වැදගත් වනු ඇති බවට රසිකයන් විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback