ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි අති පූජනීය සාරානාත් බෞද්ධ පුදබිම නිල වශයෙන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ මේ පූජනීය භූමියේදීයි. ලොව පුරා සිටින බෞද්ධ බැතිමතුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ මෙම ස්ථානය, බුදු දහමේ ආරම්භය සහ ව්‍යාප්තිය සිදුවූ වැදගත්ම ස්ථානයක් ලෙස සැලකෙනවා.
සාරානාත් පුදබිම වසරක් පාසා ලොව පුරා සිටින දහස් ගණන් බැතිමතුන්ගේ ආකර්ෂණය දිනා ගන්නා අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සෑම වසරකම ඉන්දියාවේ පිහිටි මෙම පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙනවා. වරණාසි නගරයට ආසන්නව පිහිටි මෙම භූමියේ බුදු දහමේ මුල් යුගයට අයත් පුරාවිද්‍යාත්මක ස්මාරක සහ නටබුන් රැසක් අදටත් දැකගන්න පුළුවන්.
මෙම යුනෙස්කෝ පිළිගැනීමත් සමඟ සාරානාත් පුදබිමේ ඓතිහාසික, සංස්කෘතික සහ ආධ්‍යාත්මික වටිනාකම ලෝකය හමුවේ තවදුරටත් ඉස්මතු වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ. එමෙන්ම, මෙම තීරණය නිසා ඉදිරියේදී තවත් වැඩි පිරිසක් මෙම පූජනීය ස්ථානය නැරඹීමට සහ වන්දනාමාන කිරීමට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙය බෞද්ධ උරුමය ලෝකය පුරා තවදුරටත් සුරක්ෂිත කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක්.

Discussion & Feedback