ජර්මනියේ විදුලිබල පද්ධතිය ඉලක්ක කරගෙන පසුගිය දින කිහිපයේම සිදුකළ කඩාකප්පල්කාරී ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් 48 හැවිරිදි පුද්ගලයෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. බටහිර ජර්මනියේ වයිස්වීලර් බලාගාරය ආසන්නයේදී මොහුව අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සතුව පුපුරණ ද්‍රව්‍ය තිබිලා තියෙනවා. ඒ වගේම ඔහු සැඟවී සිටි කූඩාරම තුළත් තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. ඩැනියෙල් වී ලෙස හඳුන්වා ඇති මෙම පුද්ගලයා ජර්මනියේ ප්‍රාන්ත කිහිපයකම විදුලි රැහැන් පද්ධති ඉලක්ක කරගෙන රොකට් භාවිතයෙන් කෙටි පරිපථ ඇති කරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා.
මෙම ප්‍රහාරවල වගකීම භාරගනිමින් ඔහු විසින් ලිපි කිහිපයක්ම මාධ්‍ය ආයතන වෙත යොමු කර තිබීම විශේෂත්වයක්. මේ හේතුවෙන් ඇතැම් විදුලි බලාගාරවල ක්‍රියාකාරිත්වය තාවකාලිකව නතර කිරීමට පවා සිදුවුණා. ජර්මන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන පරිදි මෙම සිදුවීම් මාලාව නිසා ප්‍රාදේශීය වශයෙන් විදුලිය ඇනහිටීමේ අවදානමක් පවා මතුව තිබුණා. දැනටමත් පොලිසිය විසින් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂඥ පරීක්ෂණ සිදුකරන අතර, තවත් සැඟවුණු උපකරණ ප්‍රදේශයේ තිබේදැයි සොයා බැලීමටත් නිලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. මෙම සිද්ධිය ජර්මනිය පුරා විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback