ජනප්රිය S.W.A.T. කතාමාලාවේ රසිකයන්ට තවත් සුපිරි තෑග්ගක් ලැබිලා තියෙනවා. ඒ තමයි මේ කතාමාලාවේ අලුත්ම ස්පින්-ඕෆ් එකක් විදියට එන ‘S.W.A.T. Exiles’ කතාමාලාවේ ට්රේලරය නිකුත් වීම. මේ සැප්තැම්බර් 25 වෙනිදා විකාශය ආරම්භ වෙන්න නියමිත මේ කතාමාලාවේ ඩැනියෙල් ‘හොන්ඩෝ’ හැරල්සන්ගේ චරිතයට නැවතත් පණ පොවන්නේ ෂෙමා මුවර් විසින්. කලින් සිද්ධ වුණු වැරදීමක් නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණු හොන්ඩෝට, තමන්ගේ හිටපු ලොක්කාගෙන් ලැබෙන අලුත්ම අවස්ථාවක් තමයි මේ කතාමාලාවේ කතාවට පදනම වෙන්නේ. ඒ අනුව ඔහු ලොස් ඇන්ජලීස් නගරයේ ඉන්න දක්ෂ නමුත් සමාජයෙන් කොන් වුණු පිරිසක් එකතු කරගෙන අලුත්ම S.W.A.T. කණ්ඩායමක් හදනවා.
මේ කණ්ඩායම ඇතුළේ ඉන්නේ විවිධ පසුබිම් තියෙන, අභියෝගවලට මුහුණ දෙන්න බලාගෙන ඉන්න පිරිසක්. හැබැයි මේ ගමන එච්චර ලේසි වෙන්නේ නැහැ. නගරයේ තියෙන භයානක අපරාධකාරයන් එක්ක සටන් කරන අතරතුර, හොන්ඩෝට තේරුම් යනවා තමන්ගේම කණ්ඩායම ඇතුළේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා. S.W.A.T. එක විනාශ කරන්න බලන් ඉන්න බලවත් පිරිසක් ගැන හොන්ඩෝ හොයන්න පටන් ගන්නේ තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරගන්න. ඇත්තටම මේ කණ්ඩායම අසාර්ථක වෙන්න නියමිත පිරිසක්ද, නැත්නම් ඔවුන් හැමදේම ජයගන්නවද කියලා දැනගන්න නම් සැප්තැම්බර් 25 වෙනකම් ඉවසන්නම වෙනවා. ක්රියාදාම සහ කුතුහලය පිරුණු මේ අලුත්ම කතාමාලාව බලන්න හැමෝම දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න.

Discussion & Feedback