හොලිවුඩ් සුපිරි නළු රයන් රෙනෝල්ඩ්ස් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වන ‘Mayday’ මේ වන විට Apple TV හරහා ප්රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. 1980 දශකයේ ජනප්රිය ‘Top Gun’ චිත්රපටයේ ආභාෂය ලබමින් නිර්මාණය කරපු මේ චිත්රපටය, ක්රියාදාම සහ හාස්ය මුසු වුණු අපූරු නිර්මාණයක්. ජොනතන් ගෝල්ඩ්ස්ටීන් සහ ජෝන් ෆ්රැන්සිස් ඩේලි විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටයේ රයන් රෙනෝල්ඩ්ස් එක්ක ප්රවීණ නළු කෙනත් බ්රනාත් ප්රධාන චරිත නිරූපණය කරනවා. 1987 වසරේ සිදුවන කතාවකට අනුව, සතුරු දේශයකදී අනතුරට ලක්වන ඇමරිකානු ගුවන් නියමුවෙක් සහ හිටපු KGB ඒජන්තවරයෙක් අතර ඇතිවන මිත්රත්වය වටා මේ කතාව ගෙතී තිබෙනවා.
මේ චිත්රපටය හුදෙක්ම ක්රියාදාම චිත්රපටයක් විතරක් නෙවෙයි, ජාතිකවාදය සහ මිනිසුන් අතර පවතින වෙනස්කම් ගැන ගැඹුරු පණිවිඩයක් ඉතාම විනෝදජනක විදියට ඉදිරිපත් කරනවා. විශේෂම දේ තමයි, මේ චිත්රපටය සඳහා ටොම් කෲස්ගේ අවසරය ඇතිව ‘Top Gun’ චිත්රපටයේ දර්ශන පවා යොදාගෙන තිබීම. විචාරකයන් පවා මේ චිත්රපටය මේ වසරේ නිකුත් වුණු හොඳම නිර්මාණයක් ලෙස හඳුන්වලා තියෙනවා. රයන් රෙනෝල්ඩ්ස්ගේ විශිෂ්ට රංගනය සහ කෙනත් බ්රනාත්ගේ හාස්යජනක රංගනය එකතු වුණාම මේ චිත්රපටය ඇත්තටම බලන්න වටිනා අත්දැකීමක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් ක්රියාදාම සහ හාස්ය පිරුණු වෙනස්ම විදියේ චිත්රපටයකට කැමති නම්, අනිවාර්යයෙන්ම ‘Mayday’ නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback