හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්රිය නළුවෙක් වන රයන් රෙනෝල්ඩ්ස් මේ දවස්වල අලුත්ම වාර්තාවක් තියලා තියෙනවා. ඇපල් ටීවී (Apple TV) හරහා පසුගිය සැප්තැම්බර් 4 වෙනිදා නිකුත් වුණු ඔහුගේ අලුත්ම ‘Mayday’ චිත්රපටය මේ වෙද්දී ලෝකයේ වැඩිම පිරිසක් නරඹන චිත්රපටය බවට පත්වෙලා ඉවරයි. නිකුත් වෙලා දවසක් යන්නත් කලින්ම ලෝකයේ රටවල් 101ක ප්රේක්ෂකයන් අතර මේ චිත්රපටය ඉහළම තැනට ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව ඇතුළු රටවල් රැසකම මේ චිත්රපටය අංක එකේ තැන දිනාගෙන තියෙන එකෙන් රයන්ගේ තියෙන ජනප්රියත්වය අපිට හොඳටම පැහැදිලි වෙනවා.
මේ චිත්රපටයේ සාර්ථකත්වය නිසාම රයන් රෙනෝල්ඩ්ස් රඟපාපු පරණ ජනප්රිය චිත්රපටයක් වන ‘The Proposal’ එකත් ආයෙමත් ලෝකයේ වැඩිම පිරිසක් නරඹන චිත්රපට අතර හතරවෙනි තැනට ඇවිත් තියෙනවා. ‘Mayday’ චිත්රපටය රොටන් ටොමැටෝස් (Rotten Tomatoes) දර්ශකයේ පසුගිය වසර දහයක කාලය තුළ රයන් ලබාගත්ත ඉහළම ලකුණු ප්රමාණය වන 84%ක් ලබාගැනීමත් විශේෂත්වයක්. බ්රැඩ් පිට්ගේ වගේම තවත් ප්රවීණ නළුවන්ගේ චිත්රපට පවා පහුකරගෙන මේ චිත්රපටය ඉදිරියට ඇවිත් තියෙන නිසා, ඔයා තවමත් මේක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා තමයි සිනමා රසිකයන් නම් කියන්නේ.

Discussion & Feedback