ලොව පුරා රසිකයන් අතර අතිශය ජනප්රිය වුණු ‘ග්ලී’ (Glee) සංගීතමය කතාමාලාව නැවතත් අලුත් මුහුණුවරකින් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා ආරංචි වෙනවා. මේ කතාමාලාවේ නිර්මාතෘවරයෙක් වන රයන් මර්ෆි පසුගියදා මාධ්ය හමුවේ ප්රකාශ කළේ තමන් මේ වන විටත් ‘ග්ලී’ රිබූට් එක සඳහා අවශ්ය පිටපත ලියා අවසන් කර ඇති බවයි. බ්රැඩ් ෆල්චක් සහ ඉයන් බ්රෙනන් සමඟ එක්ව ඔහු මේ පිටපත නිර්මාණය කර තිබෙනවා. විශේෂම දේ තමයි, මේ ගැන දැනගන්න ලැබුණු මුල් කතාමාලාවේ රංගන ශිල්පීන් දස දෙනෙකුට වැඩි පිරිසක් මේ අදහසට ගොඩක් කැමැත්තෙන් සහ උනන්දුවෙන් ඉන්නවා කියන එක.
2009 ඉඳන් 2015 දක්වා විකාශය වුණු මේ කතාමාලාව අදටත් තරුණ පරපුර අතර ගොඩක් ජනප්රියයි. ඒ නිසාම රයන් මර්ෆි හිතනවා මේ කතාව නැවත වතාවක් ප්රේක්ෂකයන් අතරට ගේන්න කාලය හරි කියලා. දැනට මේ ව්යාපෘතිය සඳහා කිසිදු රූපවාහිනී නාලිකාවක් හෝ වේදිකාවක් තෝරාගෙන නැති වුණත්, පිටපත ලියා අවසන් වීම නිසා රසිකයන් ගොඩක් බලාපොරොත්තු සහගතව ඉන්නවා. මුල් කතාමාලාවේ හිටපු නළු නිළියන් සහ රයන් මර්ෆි අතර තියෙන සමීප සම්බන්ධතාවය නිසා මේ අලුත් නිර්මාණයත් ඉතාමත් සාර්ථක වේවි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින්, ‘ග්ලී’ රසිකයන්ට ආයෙත් පාරක් ඒ සුන්දර සංගීතමය අත්දැකීම විඳගන්න වැඩි දවසක් යන්නේ නැති වේවි.

Discussion & Feedback