රයන් ගොස්ලින් සහ එමා ස්ටෝන් රංගනයෙන් දායක වුණු ලොවම ආදරය කළ ‘ලා ලා ලෑන්ඩ්’ (La La Land) සිනමාපටය නැවතත් සිනමාහල්වල දැකගන්න පුළුවන් කියලා ආරංචි ලැබෙනවා. ඩේමියන් චසෙල්ගේ අධ්යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ සුපිරි සංගීතමය චිත්රපටය ලෝක බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඇමරිකානු ඩොලර් මිලියන 504කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ සිනමාපටය තිරගත වී වසර දහයක් පිරීම නිමිත්තෙන්, අගෝස්තු 16 වැනිදා සිට ඇමරිකාවේ AMC සිනමාහල්වල ඩොල්බි සිනමා අත්දැකීමක් විදියට මෙය නැවත ප්රදර්ශනය කිරීමට ලයන්ස්ගේට් සමාගම කටයුතු යොදලා තියෙනවා.
ජෑස් පියානෝ වාදකයෙක් සහ අභිලාෂකාමී නිළියක් අතර ඇතිවන ආදර කතාවක් වටා ගෙතුණු මේ චිත්රපටය, විචාරකයන්ගේ සහ ප්රේක්ෂකයන්ගේ ඉහළම පැසසුමට ලක් වුණා. ඔස්කාර් සම්මාන හයක් ඇතුළු සම්මාන රැසක් දිනාගත් මේ නිර්මාණය, පැරණි හොලිවුඩ් ආකෘතිය නවීන විදියට ඉදිරිපත් කළ අපූරු සිනමා අත්දැකීමක්. මේ වන විටත් ප්රේක්ෂකයන්ට අන්තර්ජාලය හරහා ටිකට්පත් වෙන්කරවා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින්, ඔබත් මේ සුන්දර සංගීතමය ආදර කතාවට ආස නම්, නැවත වතාවක් විශාල තිරයෙන්ම එය රසවිඳින්න පුළුවන් කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා.

Discussion & Feedback