රුසියාවේ දෙවන විශාලතම ඔන්ලයින් වෙළඳ ආයතනය වන ‘Ozon’ සමාගමට අයත් ගබඩා සංකීර්ණ කිහිපයකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. ක්‍රස්නෝඩර්, දාගෙස්තාන්, ස්ටැව්රොපෝල් සහ ඇඩිගියා යන ප්‍රදේශවල පිහිටි මෙම ගබඩා තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර, ප්‍රහාර හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ක්‍රස්නෝඩර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් දරුවන් පිරිසක් රෝහල්ගත කිරීම ලොකු කම්පනයක් ඇති කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පසු මොස්කව් කොටස් වෙළඳපොළේ Ozon සමාගමේ කොටස් අගය 12%කින් පමණ පහත වැටීමත් කැපී පෙනෙන කරුණක්.
යුක්රේනය පවසන්නේ රුසියානු හමුදාවට අවශ්‍ය ද්‍රව්‍ය සපයන නිසා මෙම ආයතන ඉලක්ක කරන බවයි. මීට පෙර රුසියාවේ විශාලතම ඔන්ලයින් වෙළඳ ආයතනය වන ‘Wildberries’ වෙතද යුක්රේනය මෙවැනිම ප්‍රහාර මාලාවක් එල්ල කළා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ යුක්රේනය ආර්ථික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ‘පැන්ඩෝරා පෙට්ටියක්’ විවෘත කර ඇති බවත්, මීට දැඩි ප්‍රතිචාර දක්වන බවත්ය. රුසියාවේ සාමාන්‍ය ජනතාවගෙන් 85%කට වඩා වැඩි පිරිසක් එදිනෙදා අවශ්‍යතා සඳහා මෙම ඔන්ලයින් වෙළඳ සේවාවන් භාවිතා කරන නිසා, මෙම ප්‍රහාර මගින් යුද්ධයේ බලපෑම සාමාන්‍ය රුසියානු වැසියන්ගේ දෛනික ජීවිතයටත් තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.

Discussion & Feedback