යුක්රේන යුද්ධය ඇරඹී වසර හතරක් ගතවී ඇති මොහොතක, රුසියානු ජනතාව නැවතත් බැංකු කාඩ්පත් වෙනුවට අතේ ඇති මුදල් (Cash) භාවිතයට දැඩි ලෙස යොමුවෙමින් ඉන්නවා. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියාවේ අන්තර්ජාල සේවා විටින් විට ඇනහිටීම නිසා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඇතිවන බාධා මීට ප්‍රධාන හේතුවක්. මේ වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් රුසියානු රූබල් ට්‍රිලියන 1.56ක් අලුතින් සංසරණයට එක්වී තිබෙනවා. සාමාන්‍ය ජනතාව පවසන්නේ හදිසි අවස්ථාවකදී අන්තර්ජාලය හෝ බැංකු පද්ධතිය ක්‍රියා විරහිත වුවහොත්, අතේ මුදල් තිබීම තමන්ට විශාල ආරක්ෂාවක් බවයි.
මේ අතර, රජය විසින් පනවා ඇති අධික බදු බර සහ ආර්ථික මන්දගාමිත්වය නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ද බදු මගහැරීමට මුදල් ගනුදෙනු දිරිමත් කරනවා. බොහෝ ආපනශාලා සහ වෙළඳසැල් හිමියන් තම ආදායම නිල වාර්තාවලින් වසන් කිරීමට උත්සාහ කරන්නේ බදු බර දරාගත නොහැකි නිසයි. රුසියාවේ විශාලතම බැංකුව වන ස්බර්බෑන්ක් පවා අනතුරු අඟවන්නේ, මුදල් නැවත බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එය ‘අළු ආර්ථිකයක්’ (Shadow economy) නිර්මාණය වීමට හේතු වන බවත්ය. රජය බදු ආදායම් වැඩිකර ගැනීමට උත්සාහ කළත්, ජනතාව සහ ව්‍යාපාරිකයන් මෙලෙස මුදල් භාවිතයට යොමුවීම නිසා රුසියානු ආර්ථිකය තවදුරටත් අර්බුදයකට ලක්වෙමින් පවතින බව විචාරකයින් පෙන්වා දෙනවා.

Discussion & Feedback