යුක්රේන යුද්ධය තවදුරටත් ඇදී යාමත් සමඟ රුසියාවේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වෙලා තියෙනවා. මේ දිනවල රුසියානු ජනතාව ඩිජිටල් ගෙවීම් ක්‍රම වෙනුවට නැවතත් අතේ ඇති මුදල් (Cash) භාවිතයට වැඩිපුර යොමුවන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ආරක්ෂක හේතූන් මත අන්තර්ජාල සේවා විසන්ධි කිරීම නිසා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඇතිවන බාධා මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙලා. මේ වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් රුසියාවේ සංසරණය වන මුදල් ප්‍රමාණය රූබල් ට්‍රිලියන 1.56කින් ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාව පවසන්නේ හදිසි අවස්ථාවකදී අතේ මුදල් තිබීම ආරක්ෂිත බවයි.
මේ අතර, රුසියානු රජය බදු බර ඉහළ දැමීම නිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ද දැඩි අසීරුතාවකට පත්වෙලා. බදු ගෙවීම් මගහැරීමට සහ ආදායම් සඟවා ගැනීමට බොහෝ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ගෙන් මුදල් නෝට්ටු ලෙසම ගෙවීම් ලබාගැනීමට පෙළඹී සිටිනවා. සේවක වැටුප් පවා බැංකු පද්ධතිය හරහා නොව ‘කවරවල දමා’ මුදලින් ලබාදීමේ ප්‍රවණතාවක් ඇති බව බැංකු නිලධාරීන් පවා අනතුරු අඟවනවා. රජය බදු ආදායම් වැඩිකර ගැනීමට උත්සාහ කළත්, මේ ‘අඳුරු ආර්ථිකය’ (Shadow economy) නිසා රුසියානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වෙමින් පවතින බවයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback