යුරෝපයට සහ ප්‍රංශයට එරෙහිව රුසියාව විසින් දියත් කරන දෙමුහුන් ප්‍රහාරවල තීව්‍රතාවය මේ දිනවල ඉහළ ගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අනතුරු අඟවනවා. එලිසි මාලිගයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ ප්‍රංශය ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවයි. යුක්රේනයට ලබාදෙන සහයෝගය අඩපණ කිරීම සහ යුරෝපීය රටවල් බිය ගැන්වීම රුසියාවේ ප්‍රධාන අරමුණ බවත්, නමුත් එවැනි ක්‍රියාවලට තමන් කිසිසේත් බිය නොවන බවත් ඔහු අවධාරණය කළා. ජර්මනියේ ලයිප්සිග් ගුවන්තොටුපළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ පෝලන්තයට එල්ල විය හැකි තර්ජන පිළිබඳව ද ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කළා.
මෙම තර්ජනවලට මුහුණ දීම සඳහා ප්‍රංශයේ වැදගත් යටිතල පහසුකම් සහ ආරක්ෂක කර්මාන්ත ස්ථාන ආරක්ෂා කර ගැනීමට විශේෂ සැලැස්මක් සකස් කරන ලෙස මැක්රොන් රජයට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ඩ්‍රෝන සහ සයිබර් ප්‍රහාරවලින් මෙම ස්ථාන ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රමුඛතාවයක් වී තිබෙනවා. මීට අමතරව, බලශක්ති අර්බුදය සහ උපායමාර්ගික සංචිත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතිවලදී G7 රටවල නායකයින් කැඳවීමට ද ඔහු කටයුතු කරනවා. යුක්රේනයේ ආරක්ෂාව යනු අද සහ හෙට යුරෝපයේ ආරක්ෂාව බව පවසන මැක්රොන්, රුසියාවේ මෙම උත්සාහයන් කිසිවිටෙකත් සාර්ථක වීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක සිටිනවා.

Discussion & Feedback