පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) ආයතනයට එල්ල වුණු දැවැන්ත සයිබර් ප්‍රහාරය ගැන අලුත්ම තොරතුරු ටිකක් දැන් එළියට ඇවිත් තියෙනවා. මේ ප්‍රහාරය නිසා මාස ගණනාවක් පුරා නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටියා වගේම, බ්‍රිතාන්‍ය ආර්ථිකයටත් ඩොලර් බිලියන 2.5ක විතර විශාල පාඩුවක් සිද්ධ වුණා. මේ තත්ත්වය කොච්චර බරපතළ වුණාද කියනවා නම්, සමාගම බේරගන්න බ්‍රිතාන්‍ය රජයට පවා පවුම් බිලියන 1.5ක මුදලක් ආධාර විදිහට දෙන්න සිද්ධ වුණා.
නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරන විදිහට, මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ රුසියානු හැකර් කණ්ඩායමක්. ඔවුන් රුසියානු රජයේ සෘජු අනුග්‍රහය ලබන පිරිසක්ද නැත්නම් රජයේ නිහඬ අනුමැතිය ඇතිව වැඩ කරන අපරාධකරුවන් පිරිසක්ද කියන එක තාම හරියටම පැහැදිලි නැහැ. මයික්‍රොසොෆ්ට් ආයතනය මේ හැකර්වරුන් ගැන නිරීක්ෂණය කරලා ජගුවාර් සමාගමට අනතුරු ඇඟවීම් කරලා තිබුණා. ඒ වගේම ඇමරිකාවේ FBI එක, බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය සහ ගූගල් සමාගමේ මැන්ඩියන්ට් වගේ ආයතන ගණනාවක් එකතු වෙලා තමයි මේ ගැන පරීක්ෂණ පැවැත්වුවේ.
තවත් පුදුම හිතෙන කාරණයක් තමයි, මේ රුසියානු හැකර්වරුන්ට අමතරව ‘රේ’ (Rey) කියන නමින් පෙනී හිටපු ජෝර්දාන ජාතික හැකර්වරයෙක්වත් ජගුවාර් ජාලයට රිංගලා තියෙනවා කියලා පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා. සයිබර් ලෝකයේ මෙහෙම එකම ආයතනයකට විවිධ හැකර් කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම දුර්ලභ වුණත්, මේ සිදුවීමෙන් පේන්නේ ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතනවල ආරක්ෂාව කොයිතරම් අවදානමක තියෙනවද කියන එකයි.

Discussion & Feedback