යුක්රේනයේ ක්‍රිවි රිහ් නගරයේ පිහිටි ප්‍රධානතම සාප්පු සංකීර්ණයකට රුසියාව විසින් එල්ල කළ ද්විත්ව ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය ඉතාමත් අමානුෂික එකක් බව පවසන යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, පළමු ප්‍රහාරයෙන් පසුව ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූවන් ඉලක්ක කරමින් දෙවන ප්‍රහාරය එල්ල කිරීම ඉතාමත් නින්දිත ක්‍රියාවක් බවයි සඳහන් කරන්නේ. මේ වන විට ළමයින් 23 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 130 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට වාර්තා වෙනවා.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඩ්‍රෝන යානා ඉතා පහත් මට්ටමකින් පියාසර කර ඇති බව නගරාධිපතිවරයා පවසනවා. මේ වන විටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සෙවීමේ කටයුතු ඉතා වේගයෙන් සිදුවන අතර, ඒ සඳහා වෙනත් ප්‍රදේශවලින් ද සහාය ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් බිය පළ කරන්නේ. මීට දිනකට පෙර කියෙව් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් ද 17 දෙනෙකු මියගිය අතර, දෙරට අතර පවතින ගැටුම් මේ වන විට වඩාත් උග්‍ර අතට හැරී තිබෙනවා. රුසියාවේ තෙල් පිරිපහදු සහ හමුදා කඳවුරු ඉලක්ක කරමින් යුක්රේනය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා යුද වාතාවරණය තවදුරටත් උණුසුම් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback