යුක්රේන-පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යහෝඩින් දුම්රිය ස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපීය ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් එම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සුළු මොහොතකට පසුවයි. වාසනාවකට වගේ මේ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් වෙලා නැහැ. යුක්රේන දුම්රිය බලධාරීන් කියන විදියට, ප්‍රහාරය එල්ල වෙන්න විනාඩි 15කට කලින් ඩ්‍රෝන යානයක් හඳුනාගෙන මගීන්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. බොරිස් ජොන්සන් ඇතුළු පිරිස ගමන් කළ දුම්රිය නියමිත වේලාවට කලින් පිටත්ව යාම නිසා ඔවුන් අනතුරින් බේරුණා කියලා තමයි බලධාරීන් සැක කරන්නේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා. ඔහු අහන්නේ පුටින්ගේ මේ අතාර්කික ක්‍රියාවලියට තව කොපමණ කාලයක් බලාගෙන ඉන්නවද කියලයි. ඒ වගේම යුක්රේනයට අවශ්‍ය ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමේ වැදගත්කම ඔහු නැවතත් අවධාරණය කළා. යුක්රේන විදේශ අමාත්‍යවරයා මේ ප්‍රහාරය හඳුන්වලා තියෙන්නේ යුරෝපා සංගමයේ සහ නේටෝ සංවිධානයේ දොරටුවටම එල්ල කළ තර්ජනයක් විදියටයි. රුසියාව මෑත කාලයේදී යුක්රේනයේ දුම්රිය ජාලය ඉලක්ක කරගෙන දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. යුද්ධය ආරම්භ වුණාට පස්සේ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙන නිසා, යුක්රේන ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වෙලා තියෙන්නේ මේ දුම්රිය සේවයයි. ඒ නිසාම රුසියාවේ මේ ප්‍රහාර මගින් යුක්රේන වැසියන්ගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා.

Discussion & Feedback