රුසියාවේ දකුණු දිග ප්‍රදේශයක පිහිටි ජනප්‍රිය වෙරළ තීරයකට යුක්රේන ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම බිහිසුණු සිදුවීම සිදුවී ඇත්තේ සංචාරකයින් විශාල පිරිසක් විනෝද වෙමින් සිටි අවස්ථාවකයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ වෙරළ තීරයට ඉහළින් පැමිණි ඩ්‍රෝන යානයක් හදිසියේම ගිනි බෝලයක් මෙන් වෙරළට කඩා වැටෙන ආකාරයයි. මෙම ප්‍රහාරය නිසා ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් දැඩි භීතියට පත්ව සිටින අතර, තුවාල ලැබූවන්ගෙන් 17 දෙනෙකු මේ වන විටත් රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.
රුසියානු බලධාරීන් පවසන්නේ මෙය සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ හිතාමතාම සිදුකළ ප්‍රහාරයක් බවයි. කෙසේ වෙතත්, යුක්රේනය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැහැ. සමහර වාර්තා පවසන්නේ රුසියානු ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානය බිම හෙළීමට උත්සාහ කිරීමේදී එය පාලනයෙන් ගිලිහී වෙරළට කඩා වැටෙන්නට ඇති බවයි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කිසිදු අනතුරු ඇඟවීමේ සයිරන් නාදයක් නොඇසුණු බවත්, තමන් ජීවිත බේරා ගැනීමට වෙරළේ තිබූ පුටු යට සැඟවුණු බවත් සංචාරකයින් පවසනවා. පසුගිය කාලය පුරාම රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම සිවිල් වැසියන්ට මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක තත්ත්වයක්.

Discussion & Feedback