යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව නිතරම බටහිර රටවලට සහ බ්‍රිතාන්‍යයට තර්ජනය කළත්, ඇත්තටම නේටෝ සංවිධානය සමඟ සෘජු යුද්ධයකට යාමේ කිසිදු අදහසක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නැති බව බටහිර බුද්ධි අංශ නිලධාරීන් පවසනවා. රුසියාව නිතරම මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ බටහිර රටවල් මත පීඩනයක් ඇති කිරීමට මිස, සැබෑ ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් නෙවෙයි. යුක්රේනයේ සිදුවන මන්දගාමී ප්‍රගතිය සහ රුසියාව තුළම පවතින ආර්ථික ගැටලු නිසා පුටින් මේ වන විට දැඩි පීඩනයකට ලක්ව සිටින බවත්, මේ තර්ජන ඒ නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, රුසියාව සෘජු යුද්ධයකට නොගියත් සයිබර් ප්‍රහාර, ඔත්තු බැලීම් සහ විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා බටහිර රටවල ස්ථාවරත්වය බිඳ දැමීමට උත්සාහ කරන බව බටහිර නිලධාරීන් අනතුරු අඟවනවා. මෑතකදී යුරෝපීය ගුවන් තොටුපළවල් ආශ්‍රිතව දක්නට ලැබුණු අද්භූත ඩ්‍රෝන යානා මෙවැනි ක්‍රියාවල කොටසක් විය හැකි බවට සැකයක් පවතිනවා. රුසියාවේ යුද අරමුණු තවමත් වෙනස් වී නැති අතර, යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදාවට විශාල ජීවිත හානි සිදුවෙමින් පවතිනවා. කෙසේ වෙතත්, මේ තත්ත්වය හමුවේ වුවත් රුසියාව නේටෝ රටවල් ඉලක්ක කරගෙන සෘජු යුද ගැටුමකට නොයනු ඇති බවයි බටහිර බුද්ධි අංශවල විශ්වාසය වෙන්නේ.

Discussion & Feedback