රුසියාව සහ ජර්මනිය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ජර්මානු කොන්සල් කාර්යාලය වහාම වසා දමන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය නියෝග කරලා තියෙනවා. මේ අනුව සැප්තැම්බර් 18 වැනිදා වන විට එම කාර්යාලයේ සියලුම කටයුතු නතර කරලා, එහි සේවය කරන පිරිස රුසියාවෙන් පිටව යා යුතු බවයි රුසියානු බලධාරීන් පවසන්නේ. මීට අමතරව, රුසියාවේ ක්‍රියාත්මක වන ජර්මනියේ ගොතේ ආයතන (Goethe-Institut) ද වසා දමන ලෙසත්, එහි සේවකයන් සැප්තැම්බර් 13 වැනිදා වන විට රටින් පිටව යා යුතු බවත් රුසියාව දැනුම් දීලා තියෙනවා.
මෙම තීරණය ගෙන තියෙන්නේ ජර්මනිය විසින් බර්ලින් නුවර පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ බොන් නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය වසා දැමීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් විදිහටයි. ලයිප්සිග් ගුවන් තොටුපළේදී සිදුවූ ඩ්‍රෝන ප්‍රහාරයකට රුසියාව සම්බන්ධ බවට ජර්මනිය චෝදනා කිරීමත් සමඟ දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නමුත් රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. දෙරට අතර පවතින මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් හේතුවෙන් අනාගතයේදී දෙරටේ සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීම ඉතා අපහසු වනු ඇති බව ජර්මනිය පවසනවා. කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිසා දෙරටේම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දුර්වල වෙමින් පවතින බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback