ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත නව ගගනගාමීන් තිදෙනෙකු රැගත් රුසියානු සෝයුස් රොකට්ටුවක් කසකස්තානයේ බයිකොනූර් අභ්යවකාශ මධ්යස්ථානයෙන් සාර්ථකව අභ්යවකාශ ගත වුණා. නාසා ආයතනයේ අනිල් මෙනන් සහ රුසියානු ගගනගාමීන් වන පියෝටර් ඩුබ්රොව් සහ ඇනා කිකිනා මෙම ගමනට එක්ව සිටිනවා. ඔවුන් ගමන් කළ සෝයුස් යානය ඉතා කෙටි කාලයකින් පෘථිවිය වටා කක්ෂ දෙකක් සම්පූර්ණ කරමින් ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත සාර්ථකව සම්බන්ධ වීමට සමත් වුණා. මේ වන විටත් එහි සිටින සෙසු ගගනගාමීන් හත් දෙනා සමඟ එක්වී මෙම කණ්ඩායම ඉදිරි මාස අටක කාලයක් අභ්යවකාශයේ ගත කිරීමට නියමිතයි.
මෙම මෙහෙයුම අනිල් මෙනන්ගේ පළමු අභ්යවකාශ ගමන වන අතර, ඔහු මීට පෙර ස්පේස්-එක්ස් සමාගමේ ප්රථම පියාසර වෛද්යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. අභ්යවකාශ මධ්යස්ථානයේදී ඔහු අර්ධ සන්නායක ස්ඵටික නිෂ්පාදනය සහ කෘත්රිම බුද්ධිය භාවිතයෙන් සිදුකරන වෛද්ය පරීක්ෂණ ඇතුළු වැදගත් විද්යාත්මක පර්යේෂණ රැසක් සිදු කිරීමට නියමිතයි. විශේෂයෙන්ම අනාගත අභ්යවකාශ මෙහෙයුම් සඳහා පෘථිවියෙන් වෛද්ය සහාය ලබා ගැනීමේ අවශ්යතාවය මගහැරිය හැකි නවීන තාක්ෂණික ක්රමවේදයන් අත්හදා බැලීම මෙහි ප්රධාන අරමුණක් වෙනවා. රුසියානු ගගනගාමී ඇනා කිකිනා මීට පෙර පෞද්ගලික අභ්යවකාශ යානයකින් ගමන් කළ පළමු රුසියානු ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වූ අයෙක් වීමත් විශේෂත්වයක්.

Discussion & Feedback