යුක්රේනයේ අගනුවර වන කියෙව් නුවරට රුසියාව විසින් දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරය නිසා එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී තවත් 14 දෙනෙක් තුවාල ලබා ඇති බවයි බලධාරීන් පවසන්නේ. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන විදිහට මේක රුසියාව යුද්ධය පටන් ගත්තට පස්සේ කියෙව් නුවරට එල්ල කළ දරුණුතම ප්‍රහාරවලින් එකක්. රුසියාව මේ ප්‍රහාර සඳහා ඉස්කැන්ඩර් සහ හයිපර්සොනික් සර්කෝන් මිසයිල වගේම ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. මේ ප්‍රහාර නිසා නේවාසික ගොඩනැගිලි, සුපිරි වෙළඳසැල් සහ ගබඩා රැසකට බරපතල හානි සිදුවෙලා තියෙනවා.
මේ අතර යුක්රේනයත් රුසියාවේ ප්‍රධාන පෙළේ මාර්ගගත වෙළඳ ආයතනයක් වන ‘වයිල්ඩ්බෙරිස්’ ගබඩාවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර ලබා දී තිබෙනවා. මේ ප්‍රහාරවලින් රුසියාවේ පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. යුක්රේනය පවසන්නේ රුසියාවේ බලශක්ති සහ යටිතල පහසුකම් ඉලක්ක කරගෙන තමන් මේ ප්‍රහාර එල්ල කරන්නේ රුසියාවේ යුද ආර්ථිකයට පහර දීමේ අරමුණින් බවයි. පසුගිය සතියේදී පමණක් රුසියාව විසින් ඩ්‍රෝන යානා 1450ක් සහ මිසයිල 99ක් යුක්රේනයට එල්ල කර ඇති බව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කරනවා. දෙරට අතර පවතින මේ ගැටුම්කාරී වාතාවරණය නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා ඉන්නවා.

Discussion & Feedback