ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටෙලිග්‍රෑම් හි නිර්මාතෘ පවෙල් ඩුරොව්ට එරෙහිව රුසියාව විසින් බරපතළ චෝදනා කිහිපයක් එල්ල කර තිබෙනවා. රුසියානු බුද්ධි අංශ පවසන්නේ, යුක්රේන රහස් ඔත්තු සේවා විසින් රුසියාව තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සහ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම සඳහා ටෙලිග්‍රෑම් ඇප් එක භාවිතා කරන බවයි. මේ සම්බන්ධයෙන් ඩුරොව්ව අත්අඩංගුවට ගැනීමට රුසියාව ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඩුරොව් පවසන්නේ රුසියානු බලධාරීන් ටෙලිග්‍රෑම් භාවිතය සීමා කිරීමට අලුත් බොරු හේතු සොයමින් සිටින බවයි.
වසර ගණනාවක සිට රුසියාවෙන් පිටත ජීවත් වන 41 හැවිරිදි ඩුරොව්, මීට පෙර ප්‍රංශයේදී ද සමාන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණා. ලොව පුරා මිලියන 950කට අධික පරිශීලකයන් පිරිසක් භාවිතා කරන ටෙලිග්‍රෑම් වේදිකාව, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට මුල්තැන දෙන බව පවසමින් මෙතෙක් කටයුතු කළා. නමුත් රුසියානු බලධාරීන් පවසන්නේ, එම වේදිකාව තුළ ඇති ඇතැම් චැට් සහ බොට්ස් (bots) හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන බවයි. මේ වන විට රුසියාවේ අන්තර්ජාල නිදහස සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, ටෙලිග්‍රෑම් නිර්මාතෘවරයාට එරෙහි මෙම පියවර එම ගැටුමේ තවත් එක් කොටසක් ලෙසයි විචාරකයින් දකින්නේ. ඉදිරියේදී මෙම ජාත්‍යන්තර වරෙන්තුව ක්‍රියාත්මක වේවිද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback