යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර මාලාව නිසා රුසියාවේ දැඩි ඉන්ධන හිඟයක් හටගෙන තිබෙනවා. මේ තත්ත්වය පාලනය කරගැනීම සඳහා රුසියාව මේ වන විට ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. දැනටමත් ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 60,000කට අධික ඉන්ධන තොගයක් රුසියාව බලා පිටත් කර හැර ඇති අතර, ඉදිරියේදී මසකට ටොන් 400,000ක් පමණ විවිධ රටවලින් ආනයනය කිරීමට රුසියානු බලධාරීන් සැලසුම් කරමින් සිටිනවා.
රුසියාවේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකගන්නට ලැබෙන අතර, ඉන්ධන මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගිම්හාන කාලයේදී රුසියාවේ දෛනික ඉන්ධන පරිභෝජනය ටොන් 110,000 ඉක්මවන නිසා මෙම හිඟය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රුසියානු රජය බැලරස් වැනි රටවලින් ද ඉන්ධන ලබාගන්නා අතර, ඉන්ධන ආනයනය සඳහා සහනාධාර ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද මෙම තත්ත්වය පිළිගෙන ඇති අතර, කඩිනමින් ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback