හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු රසල් ක්‍රෝ සහ ඊතන් හෝක් ප්‍රධාන චරිත රඟපාන ‘ද වෙයිට්’ (The Weight) චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝකයේ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. 1933 වසරේ ඔරිගන් ප්‍රාන්තයේ සිදුවන ඓතිහාසික කතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය පසුගියදා ඇමරිකානු සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා. හැබැයි මේ චිත්‍රපටයේ ආරම්භක ආදායම නම් එතරම් සාර්ථක එකක් නෙවෙයි. වාර්තා වන විදිහට, තිරගත කිරීම් ආරම්භ කළ පළමු දින තුන ඇතුළත චිත්‍රපටය උපයාගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 2.3ක් වැනි අඩු මුදලක්.
මේ අඩු ආදායම නිසා ඊතන් හෝක්ගේ වසර 35ක සිනමා දිවියේ බොක්ස් ඔෆිස් වාර්තාවක් බිඳ වැටිලා තියෙනවා. මීට පෙර ඔහුගේ අඩුම ආදායම වාර්තා වුණේ 1991 වසරේ තිරගත වුණු ‘මිස්ටරි ඩේට්’ චිත්‍රපටය හරහායි. කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වැනි ඉතා අඩු මුදලක් වීම නිසා, ලොකු පාඩුවක් සිදු නොවී චිත්‍රපටය ලාභ ලබන තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි සිනමා විචාරකයින් පවසන්නේ. පෑඩ්රික් මැකින්ලි විසින් අධ්‍යක්ෂණය කළ මේ නිර්මාණය, සීමිත සිනමාහල් සංඛ්‍යාවක තිරගත වුණත්, ඉදිරියේදී ලෝක ව්‍යාප්තව ඩොලර් මිලියන 6ත් 10ත් අතර ආදායමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback