ලෝක ප්රකට හොලිවුඩ් නළු රස්ල් ක්රෝ සහ බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවේ දක්ෂතා දක්වන ප්රියංකා චොප්රා ජෝනාස් එකට එකතු වෙලා අලුත්ම විද්යා ප්රබන්ධ ක්රියාදාම චිත්රපටයකට රංගනයෙන් දායක වෙන්න සූදානම් වෙනවා. ‘බ්ලූෆ්ලයි’ (Bluefly) කියලා නම් කරලා තියෙන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ප්රෙඩේටර්ස් චිත්රපටයේ අධ්යක්ෂකවරයා වන නිම්රෝඩ් ඇන්ටල් විසින්. මේ චිත්රපටයේ කතාව ගෙතෙන්නේ කොංගෝ රාජ්යයේ ගැඹුරු කැලෑවක කඩා වැටෙන අභිරහස් ගුවන් යානයක් සොයා යන එක්සත් ජාතීන්ගේ පරිවර්තකයෙක් සහ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් වටායි. ඔවුන් මේ යානය සොයා යන ගමන ඉතාමත් භයානක සහ අභිරහස් අත්දැකීමක් බවට පත්වෙනවා.
මේ චිත්රපටයේ රූගත කිරීම් මේ වසර අගදී ඕස්ට්රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ප්රදේශයේදී ආරම්භ කිරීමට නියමිතයි. චිත්රපටයේ නිෂ්පාදකවරුන් පවසන්නේ රස්ල් ක්රෝ සහ ප්රියංකා චොප්රා වැනි දක්ෂ නළු නිළියන් එකතු වීම නිසා මේ චිත්රපටය ඉතාමත් උද්වේගකර සහ ප්රේක්ෂකයන්ව කුතුහලයට පත් කරන නිර්මාණයක් වේවි කියලයි. දැනටමත් ලෝක සිනමා වෙළඳපොළේ මේ චිත්රපටය ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්රපටය හරහා ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අධ්යක්ෂකවරයා විශ්වාස කරනවා. ඉදිරියේදී මේ චිත්රපටය ගැන තවත් තොරතුරු දැනගන්න අපේ වෙබ් අඩවියත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.

Discussion & Feedback