ලෝක ප්රකට හොලිවුඩ් නළු රසල් ක්රෝ තමන්ගේ ජීවිතයේ තවත් පැතිකඩක් වන සංගීතමය ගමන ගැන නිර්මාණය කළ ‘වට් ලව් බිල්ඩ්ස්’ (What Love Builds) වාර්තා චිත්රපටය වැනීසි චිත්රපට උළෙලේදී ප්රේක්ෂකයන් 1400කගේ දැඩි ආකර්ෂණය දිනාගන්න සමත් වුණා. රංගනයට පිවිසෙන්නට බොහෝ කලකට පෙර සිටම සංගීතය තමන්ගේ ජීවිතයේ කොටසක්ව පැවති බව මෙම චිත්රපටයෙන් ඔහු පෙන්වා දෙනවා. නවසීලන්තයේ වීදිවල ගායනා කරමින් ජීවිතය ගැටගසා ගත් කාලයේ සිට, ‘ද රොකී හොරර් ෂෝ’ වේදිකා නාට්යයේ රඟපෑ අයුරු සහ ඔහුගේ සංගීත කණ්ඩායම්වල අත්දැකීම් ගැන මෙහිදී ඉතා සංවේදීව කතා කරනවා. විශේෂයෙන්ම ග්ලැඩියේටර් චිත්රපටයේ දෙබස් පවා සංගීතයෙන් ආභාෂය ලබා ගත් අයුරු ඔහු මෙහිදී හෙළි කර තිබෙනවා.
වසර 15ක් තිස්සේ ඔහු වෙහෙස මහන්සි වී නිර්මාණය කළ මෙම වාර්තා චිත්රපටය, ඔහුගේ රංගන ජීවිතයේ අභියෝග මෙන්ම පෞද්ගලික ජීවිතයේ අමිහිරි මතකයන් ගැනත් විවෘතව කතා කරනවා. චිත්රපටය අවසානයේ ඔහු ගායනා කරන ගීතවලට වැනීසි ප්රේක්ෂකයන් අත්පොළසන් දෙමින් නැටුම්වල යෙදුණු ආකාරය දැකගන්න ලැබුණා. තමන්ගේ රංගනය සහ සංගීතය එකිනෙක බැඳී පවතින බව පෙන්වා දෙන රසල් ක්රෝ, මේ නිර්මාණය වැනීසි උළෙලේදී තිරගත කිරීමට ලැබීම තමන් ලැබූ ලොකුම ජයග්රහණයක් ලෙසයි සලකන්නේ. සිනමාව සහ සංගීතය අතර ඇති බැඳීම ගැන රසිකයන්ට අලුත් අත්දැකීමක් ලබාදීමට ඔහුට මෙවර හැකි වුණා.

Discussion & Feedback