ජනප්‍රිය ‘රුපෝල්ස් ඩ්‍රැග් රේස්’ (RuPaul’s Drag Race) රියැලිටි වැඩසටහන හරහා ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් වැලන්ටිනා, මේ දිනවල අලුත්ම ආරංචියක් අරගෙන ඇවිත් තියෙනවා. ඒ ඇය ප්‍රසිද්ධ ‘ද රොකී හොරර් ෂෝ’ (The Rocky Horror Show) සංගීතමය වේදිකා නාට්‍යය හරහා සිය මංගල බ්‍රෝඩ්වේ රංගනයට එක්වීමට සූදානම් වීමයි. මීට පෙර මයිකේලා ජේ රොඩ්රිගස් විසින් රඟපෑ ‘කොලොම්බියා’ චරිතයට තමයි වැලන්ටිනා පණ පොවන්නේ. මෙම මස 21 වැනිදා සිට ඇයව වේදිකාවේදී දැකගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා.
තමන්ගේ මේ සුවිශේෂී ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් වැලන්ටිනා කියලා තිබුණේ, ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු මෙක්සිකානු ඇමරිකානු ට්‍රාන්ස්ජෙන්ඩර් ශිල්පිනිය ලෙස බ්‍රෝඩ්වේ වේදිකාවට පිවිසීමට ලැබීම ඇයට ලොකු ගෞරවයක් කියලයි. ලූක් එවන්ස් ප්‍රධාන චරිතය රඟපාන මෙම නාට්‍යයේ රේචල් ඩ්රැච් සහ හාර්වි ගිලන් වැනි දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ස්ටුඩියෝ 54 හි වේදිකාගත වන මෙම නාට්‍යය මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී විවෘත වුණු මෙම නිෂ්පාදනය, මේ වසරේ ටෝනි සම්මාන උළෙලේදී නිර්දේශ නාමයන් නවයකට හිමිකම් කියන්නත් සමත් වුණා. කොහොම වුණත්, සම්මාන දිනාගන්න බැරි වුණත්, ප්‍රේක්ෂක සහභාගීත්වය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින මෙම නාට්‍යය මේ දිනවල බ්‍රෝඩ්වේ වේදිකාවේ වැඩිම අවධානයක් දිනාගත් නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවා. වැලන්ටිනාගේ මේ නව ගමන ගැන ඇගේ රසිකයන් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback