අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 67,000කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 51ක්. පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල ජනතාවට බහුලව බලපාන වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම රජයේ මූලික වගකීමක් බවයි. ඒ වගේම, වසර ගණනාවක් ප්‍රමාද වී තිබූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන බවත්, උතුරු මැද ප්‍රධාන ඇළ මාර්ග ව්‍යාපෘතිය කඩිනම් කරන බවත් ඔහු සඳහන් කළා. ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා දෙගුණ කිරීමට සහ වී මිලදී ගැනීම සඳහා වාර්තාගත මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දෙවන විශාලතම ජල සම්පාදන ව්‍යාපෘතිය බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා. ජපාන රජයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ජපානය දිගින් දිගටම සහයෝගය ලබාදෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ මෙවැනි තවත් දැවැන්ත ජල ව්‍යාපෘති රැසක් දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත බව ජල සම්පාදන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback