යාපනය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 300ක වියදමින් අති නවීන තාක්ෂණයෙන් සහ කෘත්‍රිම බුද්ධියෙන් (AI) සමන්විත හෘද රෝග ප්‍රතිකාර ඒකකයක් (Cath Lab) අද (27) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. මේ නව පහසුකම නිසා උතුරු පළාතේ ජීවත් වන ලක්ෂ 11කට අධික ජනතාවට වගේම අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ බදුල්ල වැනි ප්‍රදේශවල රෝගීන්ටත් ඉතා ඉක්මනින් සහ උසස් මට්ටමේ හෘද රෝග ප්‍රතිකාර ලබාගන්න දැන් අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම හෘද සැත්කම්වලට යොමු නොවී ඉතා සරල ක්‍රමවේද හරහා ස්ටෙන්ට් බද්ධ කිරීම් සහ හෘද කපාට ආශ්රිත ප්‍රතිකාර සිදු කිරීමට මේ ඒකකය හරහා හැකියාව ලැබෙනවා.
මේ අවස්ථාවේදී රුපියල් මිලියන 30ක වටිනාකමකින් යුත් නවීනතම ඊකෝ (Echocardiography) යන්ත්‍රයක් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් රෝහලට පරිත්‍යාග කිරීමටත් අමාත්‍යවරයා කටයුතු කළා. රෝහලේ වාට්ටු, ශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, රෝහලේ පවතින අඩුපාඩු කඩිනමින් විසඳීමටත්, අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුමත කර ලබා දීමටත් පොරොන්දු වුණා. රටේ තවත් ප්‍රධාන රෝහල් තුනක මෙවැනිම අති නවීන හෘද රෝග ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. මේ පියවර හරහා දිවයින පුරා හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback