අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහන යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් වෙන් කර ඇති අගෝස්තු මාසයට අදාළ දීමනා මුදල් සැප්තැම්බර් 3 වැනිදා සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන ආකාරයට, මේ සඳහා රුපියල් බිලියන 3.48ක මුදලක් වැය කෙරෙනවා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 618,352 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.091ක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 78,260 දෙනෙකු සඳහා රුපියල් මිලියන 391.3ක් ද වශයෙන් මෙම මුදල් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ අනුව, සමස්තයක් ලෙස වැඩිහිටි ප්‍රතිලාභීන් 696,612 දෙනෙකුට මෙම සහන මුදල් හිමිවන අතර, අදාළ මුදල් සැප්තැම්බර් 3 වැනිදා සිට බැංකු ගිණුම් හරහා ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව ලැබෙනවා. අස්වැසුම වැඩසටහන හරහා මෙරට වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රජය විසින් ගෙන ඇති මෙම පියවර බොහෝ දෙනෙකුට විශාල සහනයක් වනු ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. එදින සිට අදාළ බැංකු ශාඛා හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා තමන්ට හිමි මුදල් ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව පවතිනවා.

Discussion & Feedback