රටේ පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ග වැඩි කරලා, ඒවා මූල්‍යමය වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කරන්න රජය අලුත් වැඩපිළිවෙළක් පටන් අරන් තියෙනවා. මේ සඳහා ‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කරලා තියෙනවා. මේ හරහා රට පුරාම ආදායම් උත්පාදනය කරන ව්‍යාපෘති 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘති තෝරාගෙන තියෙන්නේ ඒ ඒ ආයතනවල පසුගිය වසරේ කාර්යසාධනය සහ වසර පහක් ඇතුළත වියදම පියවා ගැනීමේ හැකියාව වගේ කරුණු ගණනාවක් පදනම් කරගෙනයි.
මේ යටතේ සාප්පු සංකීර්ණ, ව්‍යායාම මධ්‍යස්ථාන, සූර්ය බලශක්ති පද්ධති, සංචාරක නිකේතන, වාහන නැවතුම් මධ්‍යස්ථාන සහ විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන වගේ විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කෘෂිකාර්මික සංවර්ධන කටයුතු, පානීය ජල ව්‍යාපෘති සහ දේශීය ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන වැනි ජනතාවගේ ජීවන තත්ත්වය නංවන ව්‍යාපෘතිත් මේ අතර තියෙනවා. මේ වැඩසටහනේ සමාරම්භක උත්සව පසුගිය සිකුරාදා දිවයින පුරාම පැවැත්වුණා.
මේ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වෙන්නේ පළාත් පාලන ආයතන මධ්‍යම රජය මතම යැපෙන්නේ නැතුව තමන්ගේ ආදායමෙන් ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තත්ත්වයකට ගේන එකයි. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා පළාත් පාලන ආයතනවලට තමන්ගේ ප්‍රදේශවල ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන් වෙනවා වගේම, ප්‍රදේශයේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. මේ වැඩසටහනට සමගාමීව ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියකුත් මේ වන විට රට පුරා ආරම්භ කරලා තියෙනවා.

Discussion & Feedback