පේදුරුතුඩුව මූලික රෝහලේ සේවය කරන හෙද හෙදියන්ට කාලයක් තිස්සේ තිබුණු නවාතැන් පහසුකම් ප්‍රශ්නයට විසඳුමක් විදිහට රුපියල් මිලියන 212ක වියදමින් අලුත් හෙද නිවාස සංකීර්ණයක් ඉදි කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සෙනසුරාදා (19) දහවල් සිදු කිරීමට නියමිතයි. උතුරු පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මේ වැඩසටහන, සෞඛ්‍ය ක්ෂේත්රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් එක පියවරක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්.
රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් රෝහල්වල කාර්යක්ෂමතාව වැඩි කරන්නත්, ජනතාවට වඩාත් ගුණාත්මක සහ වේගවත් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්නත් රජය මේ හරහා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පේදුරුතුඩුව රෝහලේ හෙද කාර්ය මණ්ඩලය නවාතැන් පහසුකම් නොමැතිකම නිසා ලොකු අපහසුතාවකට පත්වෙලා හිටියා. මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුණාට පස්සේ ඒ ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනවා.
මේ උත්සව අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය විශාල පිරිසක් සහභාගි වෙන්න නියමිතයි. රජයේ මේ වැඩපිළිවෙළ නිසා ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන් තවත් ශක්තිමත් වෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback