ලංකාවේ සංචාරක ක්ෂේත්රය නංවාලීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 30ක ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන තිරසාර සංචාරක සංවර්ධන වැඩසටහනට අදාළව රුපියල් මිලියන 173.86ක උපදේශන සේවා ගිවිසුමක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරපු මේ යෝජනාවට අනුව, දඹුල්ල-සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරක පහසුකම් දියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණ ස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.
මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාගැනීමට ආයතන 15කින් අයදුම්පත් ලැබිලා තිබුණා. ඉන්පසුව සුදුසුකම් ලත් ආයතන 6කින් යෝජනා කැඳවා, ඉන් හොඳම යෝජනාව ඉදිරිපත් කරපු ශ්‍රී ලංකාවේ ‘Resources Development Consultants (Pvt) Ltd’ සහ ‘Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd’ යන ආයතනවලින් සමන්විත හවුල් ව්‍යාපාරයට මේ කොන්ත්‍රාත්තුව ලබාදීමට කැබිනට් අනුකමිටුව නිර්දේශ කරලා තියෙනවා. වැට් බදු හැර රුපියල් මිලියන 173.86ක මුදලකට මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ වැඩසටහන හරහා අපේ රටේ සංචාරක කර්මාන්තය නවීකරණය වෙලා, සංචාරකයන්ට වඩාත් පහසු සහ ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දඹුල්ල, සීගිරිය සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගන්න මේ ව්‍යාපෘතිය ලොකු පිටුවහලක් වේවි.

Discussion & Feedback