පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් රජය විසින් අලුත්ම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ‘පරාක්‍රම ලෙගසි’ නමින් නම් කරලා තියෙන මේ සංචාරක ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කරලා තියෙන්නේ ජාතික ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේයි. ග්‍රාමීය සංවර්ධන සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය වෛද්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වුණා. මේ යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එතුමල්පිටිය සහ මුනියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
මේ ව්‍යාපෘතිය හරහා සංචාරකයින්ට එතුමල් වැවේ ඔරු පැදීමේ පහසුකම්, සාම්ප්‍රදායික බෝට්ටු සවාරි සහ වනජීවී නැරඹීමේ අවස්ථා වගේම අලුත්ම අත්දැකීම් රැසක් ලබාගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දේශීය හස්ත කර්මාන්ත ගම්මානයක්, සාප්පු සංකීර්ණ සහ දේශීය මෙන්ම විදේශීය ආහාර අලෙවිසැල් පවා මෙහි ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මේක රට පුරා ක්‍රියාත්මක කරන්න යන සංචාරක ගම්මාන රැසක පළමු පියවර බවත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් වෙන් කරලා තියෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙන්නේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කරලා, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. සංචාරක කර්මාන්තය හරහා අලුත් ව්‍යාපාරික අවස්ථා බිහිවෙනවා වගේම, අපේ දේශීය නිෂ්පාදනවලට අගයක් එකතු කරලා රටට විදේශ විනිමය උපයා ගැනීමටත් මේ හරහා ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය නිසා පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්රයේ ලොකු වෙනසක් දකින්න ලැබෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback