කුරුණෑගල ප්‍රදේශයේ තාක්ෂණික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට රුපියල් සියයක මුදලක් ඉල්ලා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. පසුගිය ජුනි 25 වැනිදා මෙම සිසුන් දෙදෙනා නේවාසිකාගාරයට යමින් සිටියදී මෙම පිරිස ඔවුන්ව නවත්වලා බලහත්කාරයෙන් මුදල් ඉල්ලා තිබෙනවා. එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ. පහරදීමෙන් තුවාල ලැබූ 19 හැවිරිදි සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පහරදීමේ වීඩියෝවක් සංසරණය වීමත් සමඟ පොලිසිය විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් විදියට ගෙපල්ලාව, වීරඹුගෙදර සහ උහුමිය යන ප්‍රදේශවල පදිංචි 19, 24 සහ 25 යන වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනා ජුනි 30 වැනිදා අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මොවුන්ව ජූලි 01 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධී ලෙස එක්රැස් වී බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම සහ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා තියෙනවා. පහරදීම සඳහා සැකකරුවන් භාවිතා කළ බවට සැක කෙරෙන ටී.වී.එස්. වර්ගයේ යතුරුපැදියක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කුරුණෑගල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

Discussion & Feedback