ප්‍රකට ඇමරිකානු විකට නිළි රෝසි ඕඩොනල් පසුගියදා ‘ජිමී කිමෙල් ලයිව්’ වැඩසටහනේ අමුත්තෙකු ලෙස සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගෙන ඉතා සැර ප්‍රකාශ මාලාවක් සිදු කළා. වසර ගණනාවකට පසු රූපවාහිනී වැඩසටහනක මෙහෙයවීම භාරගත් ඇය, 90 දශකයේ තිබූ තත්ත්වයට වඩා අද දවසේ දේශපාලන වාතාවරණය කෙතරම් වෙනස්ද යන්න උපහාසාත්මකව පෙන්වා දුන්නා. විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඇති වූ තත්ත්වයන් නිසා තමන් පසුගිය වසර දෙකක කාලයක් අයර්ලන්තයේ පදිංචියට ගිය බවත්, ඒ සඳහා ප්‍රධාන හේතුව ට්‍රම්ප් බවත් ඇය විවෘතවම ප්‍රකාශ කළා.
තමන්ගේ දරුවා සමඟ අයර්ලන්තයට යාමට සිදුවීම ගැන විහිළුවක් කරමින් ඇය පැවසුවේ, ඇමරිකාවේ ජනාධිපතිවරයා තමන්ට වෛර කරන නිසා දරුවාට රට හැර යාමට සිදුවූ බව දරුවා පාසලේදී පවසා ඇති බවයි. කෙසේ වෙතත්, අවසානයේ කැමරාව දෙස බලා සිනාසෙමින් “හායි, මම දන්නවා ඔයා මේක බලනවා කියලා” යැයි පවසමින් ඇය ට්‍රම්ප්ට කෙලින්ම පණිවිඩයක් යැව්වා. මෙම වැඩසටහන විකාශය වූයේ ABC නාලිකාව විසින් FCC ආයතනයට එරෙහිව නඩු පැවරීමට පැය කිහිපයකට පෙර වීම විශේෂත්වයක්. මාධ්‍ය නිදහස සීමා කිරීමට ට්‍රම්ප් පාලනය උත්සාහ කරන බවට චෝදනා එල්ල වන පසුබිමක රෝසිගේ මෙම ප්‍රකාශය ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වුණා.

Discussion & Feedback