ප්රකට හොලිවුඩ් නිළි හේඩන් පැනෙටියර්ගේ හදිසි වියෝවත් සමඟ හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ ළමා නළු නිළියන්ට සිදුවන අසාධාරණකම් සහ ඔවුන් මුහුණ දෙන පීඩනය ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. රෝස් මැක්ගෝවන් සහ ඇනා පැක්වින් වැනි ප්රවීණ නිළියන් මේ ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් පවසන්නේ, කුඩා දරුවන්ව මේ වගේ කර්මාන්තයකට ඇද දාන්න එපා කියලයි. හේඩන්ගේ මරණයත් එක්කම, ළමා කාලයේ ඉඳන්ම කැමරාව ඉස්සරහ හැදුණු බොහෝ දෙනෙක් අකාලයේ ජීවිතක්ෂයට පත්වීම හෝ ඉතා දුක්බර ජීවිත ගත කිරීම අහම්බයක් නෙවෙයි කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඇනා පැක්වින් තමන්ගේ සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, මේ කර්මාන්තය තුළ දරුවන්ව ආරක්ෂා කරනවා කියලා කඩදාසි මත ලස්සනට පෙනුනත්, ඇත්තටම ඔවුන්ට ලැබෙන ආරක්ෂාවක් නැති බවයි. විශේෂයෙන්ම ළමා වියේදී ලිංගිකත්වයට ලක්වන ආකාරයේ චරිත රඟපාන නිළියන් බොහෝ දෙනෙක් මානසිකව වැටෙන බවත්, ඔවුන්ට අවශ්ය සහයෝගය ලැබෙන්නේ නැති බවත් ඇය පවසනවා. මේ වගේ අඳුරු අත්දැකීම්වලට මුහුණ දෙන අයට තමන්ගේ සහයෝගය ලබාදෙන්න ඇය සූදානම් බවත්, ඔවුන් තනි වී නැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
හේඩන් පැනෙටියර් වයස අවුරුදු 11ක් වගේ කුඩා කාලයේ ඉඳන්ම හොලිවුඩයේ ජනප්රිය චරිත රඟපෑ අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදුවෙනවා. කෙසේ වෙතත්, ඇයගේ වියෝව හොලිවුඩයේ බැබළෙන තරු පිටුපස තියෙන කටුක යථාර්ථය ගැන ලෝකයටම නැවත වරක් සිහිපත් කරලා තියෙනවා.

Discussion & Feedback