පාකිස්තානයේ ලාහෝර් නගරයට ආසන්න කහ්නා ප්රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක වහලක් හදිසියේ කඩා වැටීමෙන් අහිංසක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. මෙම ඛේදජනක සිදුවීම සිදුවන අවස්ථාවේදී උපකාරක පන්තියට සහභාගී වෙමින් සිටි දරුවන් රැසක් සුන්බුන් අතර සිරවී සිටි බවයි වාර්තා වෙන්නේ. මියගිය දරුවන් බහුතරයක් වයස අවුරුදු 7ත් 11ත් අතර පසුවන කුඩා දරුවන් වීම හද කම්පා කරවන සුළුයි.
සිද්ධිය සැලවූ වහාම ක්රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම් පැයක පමණ කාලයක් තුළ මෙහෙයුම අවසන් කර තිබෙනවා. මෙම අනතුරින් තවත් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් බලධාරීන් පවසනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වගකිවයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොඩනැගිල්ලේ පැවති දුර්වලතා හෝ නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.

Discussion & Feedback