2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ගැන බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයක් වන රොනාල්ඩෝ නාසරියෝ හරිම අපූරු අනාවැකියක් කියලා තියෙනවා. ඔහු කියන විදිහට මේ පාර ලෝක කුසලානය දිනාගන්නේ ස්පාඤ්ඤ කණ්ඩායම. වත්මන් ශූරයන් වන ආර්ජන්ටිනාව පරාජය කරලා ස්පාඤ්ඤය ඉතා පහසුවෙන් මේ ජයග්‍රහණය ලබාගන්නවා කියලා තමයි ඔහු ESPN බ්‍රසීල් නාලිකාව එක්ක අදහස් දක්වමින් කියලා තියෙන්නේ. ස්පාඤ්ඤ කණ්ඩායමේ පන්දුව පාලනය කිරීමේ හැකියාව සහ තරගය පුරාම ඔවුන් පෙන්වන ආධිපත්‍යය නිසා ඔවුන් මේ තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම බවට පත්වෙලා ඉන්නවා කියලයි රොනාල්ඩෝ වැඩිදුරටත් කියන්නේ.
රොනාල්ඩෝ තවදුරටත් කියන විදිහට, ස්පාඤ්ඤය තරගයේදී ගෝල එකක් හෝ දෙකක් ඉදිරියෙන් ඉන්නවා නම්, ආර්ජන්ටිනාවට ඒ තත්ත්වය වෙනස් කරගන්න තරම් ශක්තියක් නැහැ. මොකද ස්පාඤ්ඤය මුළු තරගය පුරාම පන්දුව තමන්ගේ පාලනය යටතේ තියාගන්නවා. 1962 වසරෙන් පස්සේ ලෝක කුසලානය පිට පිටම දිනාගන්න බලාපොරොත්තුවෙන් ආර්ජන්ටිනාව මේ තරගයට එද්දී, ස්පාඤ්ඤය උත්සාහ කරන්නේ ඔවුන්ගේ දෙවැනි ලෝක කුසලාන කිරුළ දිනාගන්නයි. මේ තීරණාත්මක අවසන් මහා තරගය නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ වේලාවෙන් සඳුදා අලුයම 12.30ට අපිට මේ තරගය නරඹන්න පුළුවන් වෙනවා.

Discussion & Feedback