යුරෝපය පුරා පැතිර යන දැඩි උණුසුම් කාලගුණය සහ නියඟය හේතුවෙන් රුමේනියාවේ පිහිටි එකම න්‍යෂ්ටික බලාගාරය වන ‘සර්නාවෝඩා’ බලාගාරය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර අරන් තියෙනවා. මේ බලාගාරය සිසිල් කිරීම සඳහා ඩැනියුබ් ගංගාවේ ජලය භාවිතා කරන අතර, ගඟේ ජල මට්ටම පසුගිය වසර 30ක කාලය තුළ වාර්තා වූ අඩුම මට්ටමට පහළ යාම නිසා බලාගාරයේ දෙවන ප්රතික්රියාකාරකයත් පසුගිය බ්‍රහස්පතින්දා විදුලි පද්ධතියෙන් ඉවත් කිරීමට සිදුවුණා. පළමු ප්‍රතික්‍රියාකාරකය ජූලි මාසයේදීම වසා දමා තිබූ අතර, ඉදිරි දින දහය තුළ බලාගාරය නැවත ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවයි බලාගාර අධ්යක්ෂවරයා පවසන්නේ.
රුමේනියාවේ විදුලි අවශ්‍යතාවයෙන් 20%ක්ම සපයන්නේ මේ බලාගාරය මගින්. මේ තත්ත්වය නිසා ඇතිවන විදුලි හිඟය පියවා ගැනීමට සූර්ය සහ සුළං බලශක්තිය යොදා ගැනීමට බලාපොරොත්තු වුවත්, සවස් කාලයේදී විදුලිය ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ. යුරෝපයේ දෙවන දිගම ගංගාව වන ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම මෙලෙස පහළ යාම නිසා ගංගාවේ පතුලේ සැඟවී තිබූ දෙවන ලෝක යුද්ධ සමයේ නැව් පවා මතු වී තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය ලෝකයේ අනෙක් ප්‍රදේශවලට වඩා දෙගුණයක වේගයකින් උණුසුම් වෙමින් පවතින බවත්, මෙය කෘෂිකර්මාන්තයට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බවත් විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

Discussion & Feedback