අනාගතයේ සඳ මත මිනිසුන් පදිංචි වුණොත් මොන වගේ වෙයිද? මේ ප්රශ්නයට උත්තර හොයන අලුත්ම විද්යා ප්රබන්ධ චිත්රපටයක් තමයි ‘ලූනා කොලනි’ කියන්නේ. ‘හැලෝ’ (Halo) වැනි ජනප්රිය නිර්මාණ අධ්යක්ෂණය කරපු රොයෙල් රේන් තමයි මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්න බාර අරන් තියෙන්නේ. මේ කතාව ගෙතෙන්නේ 2060 වසරේදී. පෘථිවිය සහ සඳ මත පිහිටි ‘ටෙරා 2.0’ ජනපද අතර බල අරගලයක් ඇති වෙන කාලයක, එකිනෙකට වෙනස් ලෝක දෙකක හැදුණු ටියාරා සහ ජෝෂ් කියන තරුණ යුවළක් අතර ඇති වෙන ආදර කතාවක් වටා තමයි මේ මුළු චිත්රපටයම ගොඩනැගෙන්නේ. නාසා ආයතනයේ ආටෙමිස් ව්යාපෘතියෙන් ආභාෂය ලබපු මේ නිර්මාණය, අභ්යවකාශයේ සිදුවන ‘රෝමියෝ ජුලියට්’ ආදර කතාවක් විදිහට තමයි හඳුන්වන්නේ.
අධ්යක්ෂක රොයෙල් රේන් කියන විදිහට මේක හුදෙක් විද්යා ප්රබන්ධයක් විතරක්ම නෙවෙයි. ඒක නිදහස, ආදරය සහ මිනිස් හැඟීම් ගැන ගැඹුරින් කතා කරන කතාවක්. සඳ මත තියෙන කටුක, කාර්මික පරිසරය සහ පෘථිවියේ තියෙන සංකීර්ණ බව අතර වෙනස මේ චිත්රපටයෙන් හොඳටම බලාගන්න පුළුවන් වෙයි. දැනටමත් මේ චිත්රපටයේ රංගන ශිල්පීන් තෝරා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. 2027 වසරේදී මේ චිත්රපටය ප්රේක්ෂකයන් අතරට ගේන්න තමයි නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ. අභ්යවකාශයේ සිදුවන මේ අපූරු ආදර කතාව දකින්න ලෝකයේම සිනමා ලෝලීන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback