1976 වසරේ ඉඳන් ලෝකයම ආදරය කරපු ‘රොකී’ සිනමා මාලාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. දශක පහක් පුරා ක්රීඩා සිනමාවේ සුවිශේෂී සලකුණක් වුණු මේ කතා මාලාව, අලුත්ම හැරවුම් ලක්ෂයකට යන්න සූදානම් වෙනවා. සාමාන්යයෙන් රොකී චිත්රපට කිව්වම අපිට මතක් වෙන්නේ බොක්සිං වළල්ලේ සිදුවන සටන් වුණාට, 2026 නොවැම්බර් 6 වෙනිදා තිරගත වෙන්න නියමිත ‘I Play Rocky’ චිත්රපටය ඒ සම්ප්රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේක ක්රීඩා චිත්රපටයක් වෙනුවට සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ජීවිත කතාව සහ මුල්ම රොකී චිත්රපටය නිර්මාණය වුණු ආකාරය ගැන කියවෙන අපූරු බයෝපික් චිත්රපටයක්.
පීටර් ෆැරලිගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්රපටයේ ස්ටැලෝන්ගේ චරිතයට පණ පොවන්නේ ඇන්තනි ඉපොලිටෝයි. ඒ වගේම කාල් වෙදර්ස්, තාලියා ෂයර් වගේ මුල් චිත්රපටයේ හිටපු ප්රධාන නළු නිළියන්ගේ චරිතත් මෙහිදී අපිට දකින්න ලැබෙනවා. මේ චිත්රපටය හරහා රොකී නිර්මාණය වුණු පසුබිම සහ ඒ පිටුපස තිබුණු අභියෝග ගැන රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මෙය රොකී සිනමා මාලාවේ එකම බයෝපික් අත්හදා බැලීම වුණත්, ඉදිරියේදී ‘ක්රීඩ් 4’ සහ රොකී විශ්වයට සම්බන්ධ තවත් අලුත් නිර්මාණ රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම වුණත්, රොකී රසිකයන්ට නම් මේ අලුත් වෙනස සැබෑවටම විශේෂ එකක් වේවි.

Discussion & Feedback