ඇමරිකාවේ 250 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් නාසා ආයතනය ඉතාමත් විශේෂ ආකාරයකින් සිය ආටෙමිස් 2 සඳ තරණ මෙහෙයුම සැමරීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ අභ්‍යවකාශයට ගමන් කළ දැවැන්ත SLS රොකට්ටුවයි. එහි සුවිශේෂී ‘America 250’ ලාංඡනයක් සිතුවම් කර තිබූ අතර, එය ඇමරිකානු ජාතික ගීය සිහිගන්වන ‘The Rocket’s Red Glare’ යන තේමාව යටතේ නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් මෙම ඓතිහාසික මෙහෙයුමට එක්වූ අතර, ඔවුන්ගේ ඇඳුම්වල පවා මෙම විශේෂිත ලාංඡනය දැකගන්නට ලැබුණා.
මෙම දැවැන්ත රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමේදී ඉන්ධන දහනයෙන් ඇතිවන බලය මිලියන 8.8ක් පමණ වනවා. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී එකලස් කළ මෙම රොකට්ටුව, ඇමරිකාවේ ගවේෂණාත්මක ආත්මය ලොවටම පෙන්වා දෙන සංකේතයක් බවට පත්වුණා. පසුගිය අප්‍රේල් මාසයේදී සාර්ථකව අභ්‍යවකාශගත වූ මෙම මෙහෙයුම, සඳ තරණයෙන් ඔබ්බට අඟහරු ග්‍රහයා දක්වා වූ නාසා ආයතනයේ ඉදිරි ගමනටත් විශාල ශක්තියක් ලබා දෙනවා. ඇමරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් නාසා ආයතනය විසින් තවත් බොහෝ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, ඒ පිළිබඳ වැඩි විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා දැනගන්න පුළුවන්.

Discussion & Feedback