පසුගිය දශක හය තුළ අභ්යවකාශයට රොකට් යැවීමේ වියදම 96%කින්ම අඩු වෙලා තියෙනවා කියලා අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා. 1960 වසරේදී කිලෝග්රෑමයක් අභ්යවකාශයට යවන්න ඇමරිකානු ඩොලර් 87,000කට ආසන්න මුදලක් වැය වුණත්, 2025 වන විට එය ඩොලර් 3,868ක් වැනි අඩු අගයකට පැමිණ තිබෙනවා. මේ දියුණුවට ප්රධාන හේතුව විදිහට පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සීතල යුද්ධය අවසන් වීමෙන් පසු අභ්යවකාශ ක්ෂේත්රය වාණිජකරණය වීම සහ ස්පේස්-එක්ස් (SpaceX) වැනි සමාගම් මගින් රොකට් නැවත භාවිත කිරීමේ තාක්ෂණය හඳුන්වා දීමයි. මේ වේගය දිගටම පැවතුනොත් 2040 වන විට කිලෝග්රෑමයක් යැවීමේ වියදම ඩොලර් 300ක් දක්වා තවත් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, මේ ගමනට බාධා ඇති වෙන්න පුළුවන් අභියෝග කිහිපයක් ගැනත් පර්යේෂකයන් අනතුරු අඟවනවා. විශේෂයෙන්ම අභ්යවකාශයේ එකතු වෙලා තියෙන සුන්බුන් (Space debris) නිසා අනාගතයේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම, දැනට අභ්යවකාශ ගමන්වලින් වැඩි ප්රමාණයක් සිදු කරන්නේ එකම සමාගමක් වීම නිසා ඇතිවන ඒකාධිකාරී තත්ත්වය සහ ලෝකයේ පවතින දේශපාලන ගැටුම් හේතුවෙන් මේ වියදම් අඩු වීමේ වේගය මන්දගාමී වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත්, අභ්යවකාශ ගමන් සඳහා වන වියදම මෙතරම් වේගයෙන් පහළ යාම මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවයි විද්වතුන් පවසන්නේ.

Discussion & Feedback