අභ්යවකාශ ගමන් සම්බන්ධයෙන් ඉතාමත් උනන්දුවක් දක්වන පුවතක් පසුගිය දිනවල වාර්තා වුණා. ඒ තමයි පසුගිය දශක හයක කාලය තුළ අභ්යවකාශයට රොකට් යැවීමේ වියදම 96%කින්ම පහත වැටී තිබීම. 1960 වසරේදී කිලෝග්රෑම් එකක් අභ්යවකාශයට යැවීමට ඩොලර් 87,000කට අධික මුදලක් වැය වුණත්, 2025 වන විට එය ඩොලර් 3,868ක් දක්වා අඩු වී තිබෙනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙය සූර්ය බලශක්ති තාක්ෂණය පවා අභිබවා යන වේගවත් දියුණුවක් බවයි. සීතල යුද්ධය අවසන් වීම සහ ස්පේස් එක්ස් (SpaceX) වැනි සමාගම් මගින් රොකට් නැවත භාවිත කිරීමේ තාක්ෂණය හඳුන්වා දීම මෙම වියදම් අඩු වීමට ප්රධාන හේතු වී තිබෙනවා.
මෙම දියුණුව මෙලෙසම පැවතුනහොත් 2040 වන විට කිලෝග්රෑම් එකක් යැවීමේ වියදම ඩොලර් 300ක් දක්වා අඩු කරගන්න පුළුවන් වේවි කියලා පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ගමනට බාධා විය හැකි අභියෝග කිහිපයක් ගැනත් ඔවුන් අනතුරු අඟවනවා. විශේෂයෙන්ම අභ්යවකාශයේ එකතු වී ඇති සුන්බුන් (Space debris) ප්රමාණය වැඩි වීම සහ යම් සමාගමක් අභ්යවකාශ වෙළඳපොළ ඒකාධිකාරී කර ගැනීම වැනි කරුණු නිසා අනාගතයේදී මිල ගණන් නැවත ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම ලෝකයේ පවතින දේශපාලන ගැටුම් නිසා රටවල් තමන්ගේම රොකට් තාක්ෂණයන් දියුණු කිරීමට පෙළඹීමත් මෙම වියදම් අඩු වීමේ ප්රවණතාවයට බලපෑම් කළ හැකි බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback