පසුගියදා නවසීලන්තයේ සිට රොකට් ලැබ් ආයතනය විසින් ‘Happily Ever Faster’ නමින් නම් කරපු අභිරහස් අභ්යවකාශ මෙහෙයුමක් සාර්ථකව දියත් කළා. මේ මෙහෙයුම සඳහා ඔවුන් යොදා ගත්තේ ඔවුන්ගේ ප්රසිද්ධ ඉලෙක්ට්රෝන් රොකට්ටුවයි. මේ චන්ද්රිකාව පෘථිවියේ සිට කිලෝමීටර් 500ක් ඉහළින් පිහිටි පහළ පෘථිවි කක්ෂයකට යැවීමට ඔවුන් කටයුතු කළා. විශේෂත්වය වන්නේ මේ මෙහෙයුම ගැන වැඩි විස්තරයක් හෝ එය කා වෙනුවෙන් සිදු කළාද යන්න ගැන රොකට් ලැබ් ආයතනය කිසිම දෙයක් හෙළි නොකිරීමයි. ඔවුන් මේ මෙහෙයුම සජීවීව විකාශය කළේවත් නැහැ.
කෙසේ වෙතත්, මේ චන්ද්රිකාව පෘථිවිය නිරීක්ෂණය කරන එකක් බව පමණක් ඔවුන් තහවුරු කර තිබෙනවා. බොහෝ දෙනෙක් අනුමාන කරන්නේ මෙය BlackSky සමාගමට අයත් ‘Gen-3’ වර්ගයේ බලගතු චන්ද්රිකාවක් විය හැකි බවයි. මේ චන්ද්රිකාවලට පෘථිවි පෘෂ්ඨයේ ඇති අඟල් 14ක් වැනි ඉතා කුඩා දේවල් පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මේ වසරේ රොකට් ලැබ් ආයතනය සිදු කළ 16 වැනි සාර්ථක මෙහෙයුම මෙය වන අතර, ඔවුන්ගේ සියලුම මෙහෙයුම් මේ වන විටත් 100%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්. අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ මේ වගේ රහසිගත මෙහෙයුම් ඉදිරියේදීත් තවත් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback