ජපානයේ iQPS සමාගමට අයත් අති නවීන පෘථිවි නිරීක්ෂණ චන්ද්රිකාවක් අභ්යවකාශගත කිරීමට රොකට් ලැබ් (Rocket Lab) ආයතනය පසුගියදා සමත් වුණා. ‘The Grain Goddess Provides’ ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම මුලින්ම ජුනි මස අගදී දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, තාක්ෂණික ගැටලුවක් නිසා එය සති පහකින් කල් දැමීමට සිදුවුණා. කෙසේ වෙතත්, නවසීලන්තයේ සිට ඉලෙක්ට්රෝන් රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකාව පෘථිවියට කිලෝමීටර් 575ක් ඉහළින් පිහිටි කක්ෂයට සාර්ථකව යොමු කිරීමට ඔවුන්ට හැකි වුණා.
‘මිකුරා-1’ ලෙස හඳුන්වන මෙම චන්ද්රිකාව සතුව පවතින විශේෂිත රේඩාර් තාක්ෂණය (SAR) නිසා වලාකුළු පවා විනිවිද දකිමින් දහවල් සහ රාත්රී කාලයේදී පෘථිවියේ ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ජපානය අභ්යවකාශයේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන චන්ද්රිකා 36කින් යුත් ජාලයේ අටවන පියවර මෙයයි. අනාගතයේදී පෘථිවිය නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා මෙම චන්ද්රිකා ජාලය ඉතා වැදගත් වන අතර, රොකට් ලැබ් ආයතනය මේ වන විටත් අභ්යවකාශ ක්ෂේත්රයේ විශාල දියුණුවක් අත්කර ගනිමින් සිටිනවා. ඔවුන් මේ වන විට ඇමරිකානු අභ්යවකාශ බලකාය සමඟ ද නව ගිවිසුම්වලට එළඹෙමින් සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ඉන්නවා.

Discussion & Feedback