ජපානයේ iQPS සමාගමට අයත් අති නවීන පෘථිවි නිරීක්ෂණ චන්ද්රිකාවක් අභ්යවකාශගත කිරීමට රොකට් ලැබ් (Rocket Lab) ආයතනය පසුගියදා සමත් වුණා. ‘The Grain Goddess Provides’ ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම මුලින්ම ජුනි මස අගදී දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා එය සති පහකින් පමණ කල් දැමීමට සිදු වුණා. කෙසේ වෙතත්, නවසීලන්තයේ සිට ඉලෙක්ට්රෝන් රොකට්ටුවක් මගින් මෙම චන්ද්රිකාව පෘථිවියට කිලෝමීටර් 575ක් ඉහළින් පිහිටි කක්ෂයට සාර්ථකව යොමු කිරීමට ඔවුන්ට හැකි වුණා.
MIKURA-I ලෙස හඳුන්වන මෙම චන්ද්රිකාව සතුව පවතින විශේෂිත රේඩාර් තාක්ෂණය නිසා වලාකුළු පවා විනිවිද දකිමින් දහවල් සහ රාත්රී කාලයේදී ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. iQPS සමාගම අනාගතයේදී මෙවැනි චන්ද්රිකා 36කින් සමන්විත ජාලයක් ගොඩනැගීමට සැලසුම් කර ඇති අතර, මෙම මෙහෙයුම එම ව්යාපෘතියේ අටවන පියවරයි. රොකට් ලැබ් ආයතනය මේ වන විට අභ්යවකාශ ක්ෂේත්රයේ ඉතා වේගයෙන් ඉදිරියට යන අතර, ඇමරිකානු ආරක්ෂක අංශ සමඟ ඇති කරගත් නව ගිවිසුම් හරහා ඉදිරියේදී තවත් මෙහෙයුම් රැසක් සිදු කිරීමට ඔවුන් සූදානම් වෙනවා.

Discussion & Feedback